තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලා ඔවුන්ගේ ආර්ථික අර්බුද හමුවේ සිය විවාහ ජීවිතය රැකගැනීමට දරන උත්සාහයත්, විවිධ ප්‍රශ්න හමුවේ මුහුණ දෙන ජීවන අරගලයත් The Wife (වයිෆ්) සිනමාපටයට පාදක වී තිබෙනවා. ඒ අතරතුරේදී මාධවගේ ප්‍රශ්න තවත් වැඩි වන්නේ දරුවෙකු ගැන නිර්මලා දකිනා සිහිනය නිසාවෙනුයි.
මේ සියලුම ගැටළු හමුවේ සිය විවාහය දෙදරා යෑමට නොදී ආදරයෙන් සහ සෙනෙහසින් ජීවිතය ජය ගන්නට මාධව සහ නිර්මලා ගන්නා උත්සාහය The Wife චිත්‍රපටය පුරාවටම ඔබට පෙන්වනවා!!
The Wife (වයිෆ්) ඔබ වෙත ගෙන එන්නේ මෙරට සිටින සම්මානනීය තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන ශමීර නාඔටුන්න යි. මෝටර් බයිසිකල් – සිහින නෙළුම් මල් චිත්‍රපටවලට පසුව ශමීර අධ්‍යක්ෂණය කරන තුන්වන චිත්‍රපටය මෙයයි.

Reviews
There are no reviews yet.